
යකඩ පිහාටු
පුංචි කුරුළු ජෝඩුව කූඩුව හදන්න පටන් ගත්ත දවසෙ ඉදන්ම එ් දෙන්නට හරි අපලයි. මුලින් වැස්ස. ඊළඟට කාෂ්ටක අව්ව. එ් ඔක්කෝම මැද අපේ බළල් නෝනගෙන් එල්ලවෙන තර්ජන. කොහොමහරි කුරුළු කූඩුවේ වැඩ ඉක්මනට ඉවර වුනා. මට අායෙම කූඩුව මතක්වුනේ හීන් කිචිබිචියක් නිතර නිතර අහන්න ලැබුණම. කුරුළු පැටව්! මට කූඩුව අමතකවුනාට, බැළලිට නම් හොඳට මතක තිබිලා.
මහා විලාපයක් ඇහෙන්න ගත්තෙ ඊට ටික දවසකට පස්සෙ. එළියට දුවල බැලින්නම් මෙන්න එවරස්ට් නගිනව වගේ සීරු මාරුවට බැළලි පේර ගහ දිගේ උඩට ගාටනව. ‘මේක මගේ උපන් හැටි’ කියල විරෝදය පෑවත් එදා දවසට හතර පාරක් ම බැළලි එලවලා මම කූඩුව බේරගත්තා. නිකමට දවසක් එබිල බැලින්නම් අැතුලේ පුංචි කුරුළු පැංචෙක්. හරියට තටු අැවිල්ලවත් නෑ. කී පාරක් පන බේරුන වාසනාවන්තයෙක්ද!
වැඩි දවසකට කලින් මහා වැස්සක් අැද වැටෙද්දිත් මට මතක්වුනේ කුරුළු පැංචව. වැස්ස පෑව්වම මමයි බැළලියි නිකමට ගියා අැවිදින්න. වත්ත පහල, පේර ගහක් අහලකවත් නැති තැනක පොඩි කූඩුවක් වැටිලා තිබුණා. බැළලි එතනින්ම ගියත් අැය එ්ක දැක්කෙත් නෑ. හැම දේටම හොට දාන පුරුද්දට කූඩුව අතට අරන් බැලින්නම් දෙවියනේ… මෙන්න ඉන්නව අර යකඩයා. මහ වැස්සට කූඩුව පහලට වැටිලත්, බැළලි ඒ ළඟින්ම ගියත්, පැංචගෙ පන බේරුනා.
ඉතින් එ් යකඩ පිහාටු. කිසිම දේකින් එ් පුංචි ජීවිතේ නැතිවුනේ නෑ.
ජීවිතේ හැටි එහෙමයි. අපි හිතන්නෙවත් නැති පුංචි ජීවිත හරි හයියයි. මහා රූස්ස ගස් වගේ බලවන්තයො අැද වැටෙද්දි, වේලක්වත් හරියට කන්න නැති මිනිස්සු ජීවත්වෙන්නෙ ඒකයි. බලේ තියෙන්නෙ හිතේ. මහ වැස්සකට අහුවෙලා වැටිලා, තෙමිලා හීතලේ ගැහි ගැහිත් පුංචි කුරුළු පැටියා කිසි සද්දයක් කරේ නෑ. විලාප තියල කෑගැහුවෙ නෑ. ඉවසීමයි වාසනාවයි නිසා පන බේරගත්තා.
පොඩි පොඩි ප්‍රශ්න වලදි අපි කොච්චරනම් මැසිවිලි නගනවද. කොච්චර බලාපොරොත්තු අත්අැරගන්නවද. එ්ත් අපි හැමෝගෙම හිතේ යකඩ පිහාටු තියෙනව. කොච්චර වැටුනත් අායෙ නැගිටල ඉගිලෙන්න අපිට පුලුවන්. ඉවසීමයි බලාපොරොත්තුවයි තරම් අපිව ඉහලට ඔසවන්න පුලුවන් දෙයක් තවත් නෑ. එ් තමයි අපේ යකඩ පිහාටු.
පැංච දැන් පියාඹනව. බැළලිත් බලන් ඉන්නව. පැංචා එ්ත් ඉගිලෙනව. එයා වැටෙනව. හැබැයි එයා අත්අරින්නෙ නැතුවම පියාඹනව.