හිරෝෂිමා

හිරෝෂිමා සාම උද්‍යනයේදී මට අහම්බෙන් හමුවූ ඔහු න්‍යශ්ටික බෝම්බයෙන් දිවි ගලවා ගත්තෙකු විය. හෙතෙම උද්‍යානයට එන සෑම විටම කුරුල්ලන්ට කෑම දීමට දැවයෙන් තැනූ උපකරණයක් රැගෙන විත් එය බංකුවක සවිකරයි. ඉන්පසු න්යෂ්ටික බෝම්බයක් සිහිපත් කරවන මාලිගයේ දෙස හැරී අසුන් ගන්නා ඔහු ගේ කුරුල්ලන්ට ආහාර දීම අරඹයි.

ජපානයේ න්‍යෂ්ටික බෝම්බයෙන් දිවි බේරා ගත් පිරිස ඉතා විශේෂ ලෙස සැලකේ. සංඛ්‍යාවෙන් ඉතා සීමිත වන ඔවුන් සැලකෙන්නේ අතීත යුද මතකයන්ගේ ජීවත්වන සාක්ෂිකරුවන් ලෙස ය. මේ මහත්මයා ඔහුව මට හඳුන්වා දුන්නේ හිබකුෂා ලෙසයි. එය ජපානයේ න්‍යෂ්ටික බෝම්බයෙන් දිවි ගලවාගත්තවුන් සඳහා භාවිතා වන යෙදුමයි. අප දෙදෙනාට බොහෝ දේ ඒ නිදහස් ලෙස කතා කිරීමට හැකිවිය. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය සිදු වූ දිනයේ අත්දැකීමත් එයින් අද දක්වා ඔහුගේ ජීවිතය වෙනස් වූ ආකාරයත් කෙටියෙන් ඔහු මට පැවැසීය. තවමත් සුව නොවූ විකිරණ බලපෑම සඳහා අදටත් ඔහු නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බව හෙතෙම මා හා පැවසීය. ඔහුගේ චරිතයේ මා දුටු ආකර්ෂණීයම අංගය නම් ඔහුගේ හඬෙහි පැවති සානුකම්පිත ස්වභාවයයි. එසේම මා ඔහුගේ හඬෙහි හෝ දෙනෙතෙහි හෝ පසුතැවේමේ සේයාවක් නොදුටුවෙමි. ඇත්තටම මීට වසර හැත්තෑවකට පෙර සිදු වූ ඒ සිදුවීමට, තම වර්ගයා දහස් ගණනක් මරා දැමූ මිනිස්සුන්ට ඔහු වෛර කරයි නම් කුරුල්ලන්ට කෑම දීමට ඒ මතකයන් රැස්වූ  මෙම ස්ථානයම ඔහු තෝරා ගන්නෙ කෙසේද?

ඔහු, ඔහු ලැබූ ජීවිතය පිළිබඳ සතුටින් පසුවිය. මට සිතෙන ලෙස නම් මෙහිදී කුරුල්ලන්ට ආහාර දීමෙන් ඔහුට සාමය හා ශාන්තභාවය හමුවී තිබුණි.

ඇත්තටම මා ඔහු විණි නම් මෙතරම් සංයමයකින් හා වෛරයකින් තොරව ඒ ගැන පැවසීමට මට හැකි වේ ද? සමස්ත ජපාන සමාජය හෝ හුදෙක් මේ පුද්ගලයා හෝ වෛරයෙන් පසු තැවීමෙන් හා පලිගැනීමේ හැඟීමකින් වත්  සිටින බවට මා විශ්වාස නොකරමි. කාලය විසින් මිනිසුන්ගේ හදවත් සුවපත් කර කම්පනයන් අවම කර තිබෙනවා විය යුතුය. කෙසේ වුවත් ඔබට, තම පවුල, තම වර්ගයා මරා දැමූ, ඔබේ ජීවන රටාව වෙනස් කළ, ඔබ සදාකාලිකව රෝගියකු කළ සතුරා පිළිබඳ වෛරය කෙදිනක හෝ සිතින් ඉවත් කර ගැනීමට හැකි වී නම් එය සුවිශේෂ පුද්ගල හැකියාවකි. න්‍යෂ්ටික බෝම්බයකට සෘජුවම මුහුණ දුන් අයෙකුට මේ තරම් සංයමයකින් හා ශාන්තියකින් ඔහුගේ අතීතය ලෙස බැලිය හැකිද?

ඇතැම් විට අප සියලු දෙනා සාමය ලෙස හඳුන්වන තත්ත්වයට ඔවුන් ළඟා වී සිටිනවා වියහැක. එසේත් නැතිනම් එය ජපානයටම සුවිශේෂි වූ තත්ත්වයක් විය හැක. සිදුවූ මහා විපතකින් අනතුරුව ජපානය තම ආර්ථික වර්ධනය කර ගත් අතර මිනිසුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නැවත ගොඩනැංවීමේ කටයුතු සිදුකරන ලදී. ඇතැම් විට එය ඔවුන් පලිගත් ආකාරය විය හැකි අතර ඔවුන් දැනටමත් එය දැනටමත් අවසන් කරන සිටිනවාද විය හැක. කෙසේ වුවත් මෙම ඡායාරූපයේ පෙනීසිටින මහත්මයා අතීතයේ සිරකරුවන් නොවී අළු මතින් නැගී සිටීමට බොහෝ දේ විඳ දරාගත් ජනතාවක් පිළිබඳ ජීවත්වන සාක්ෂියකි. ජපානයට  පිටස්තරයෙකු වන එසේම ශ්‍රී ලාංකිකයකු වශයෙන් (යුද්ධයෙහි දශක ගණනක් පීඩා විඳි රටක) මා ඔහු හා ගත කළ කාලය ජපන් ජාතිකයෙකුගේ කෝණයෙන් අපේ රට දෙස බැලීමට  මා පෙළඹී ය. යළි නැගී සිටීමට, සංවර්ධනයට, සාමයට හා සංහිඳියාවට අප රටට හැකියාවන් රැසක් ඇති බව එහිදී මම හැඳින ගත්තෙමි.

සිංහලට පරිවර්තනය: චතුරිකා රාජපක්ෂ

About The Author

සඳුනිකා හසංගනි

සඳුනිකා හසන්ගනී මේ දිනවල ජපානයේ සිට සමාජ විද්‍යාව පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරමින් සිටින්නීය. කියවීම සහ ලිවීම ඇගේ ප්‍රියතම විනෝදාංශ වේ. ලේඛන කලාවෙන් ආත්ම තෘප්තියක් ලබා ගන්නා ඇය විනොදයට ඡායාරූප කලාවේද (වන ජීවි ඡායාරූපකරණය ), චිත්‍ර කලාවේද, සුන්දර ස්ථාන සොයා සංචාරය කිරීමේද යෙදෙන්නීය.

Leave a reply

Your email address will not be published. Required fields are marked *