Author: තලතා විජේරත්න

බෙර වාදකයාගේ කතාපුවත

දිනක් බෙරවාදකයකු තම පුතා සමග බරණැස් නුවර උත්සවයකට සහභාගි වුණා. ඔවුන් එහිදී පැමිණ සිටි පිරිසට බෙර වාදනයන් ඉදිරිපත් කළා. මිනිසුන් ඉතා සතුටට පත්ව ඔවුන්ට මුදල් ආහාර ඇඳුම් පැළඳුම් ආදිය ලබා දුන්නා. සැණකෙළියෙන් පසු ඔවුන් කැලෑබද පාරකින් නිවස බලා ගමන් ඇරඹුවෝය. ඉතා හොඳින් බෙර වාදන ඉදිරිපත් කිරීම නිසාත් බොහෝ තෑගි බෝග ලැබීම නිසාත් උද්දාමයට පත්ව සිටි පුතා කැලේ මැදින් යන අතරතුර බෙර වාදනය ආරම්භ කළේය. “පුතා, මේ කැලේ දරුණු සොරුන් ඉන්නා බව ප්‍රසිද්ධයි. බෙර වාදනය කරන්න එපා. සොර දෙටුවන්ට මේ හඬ ඇසුනොත් ඔවුන් අප අල්ලා ගන්නට ඉඩ තිබෙනවා.” පියා පුතාට අවවාද කළේය. නමුත් පුතා නම් බෙරය ගැසීම නැවැත්වූයේ නෑ. “පුතා,...

Read More

රන්වන් මුවා

අතීතයේ බරණැස් නුවර රාජකීය උද්‍යානය ලබාගත් උයන්පල්ලෙකු දිනක් තම උද්‍යානයට ඇතුල් වුණු රන්වන් පැහැති අලංකාර මුවකු දුටුවා. උයනෙහි සක්මන් කළ මුවා උයන්පල්ලා දුටු සැනින් කලබල වී පැනගියා. රාජකීය උද්‍යානයේදී මෙම මුවා නැවත නැවත දකින්නට ලැබුනත්, ඒ සෑම විටම මුවා බියෙන් පැනගියා. කල් ගත්වීමෙන් පසු, උයන්පල්ලාගෙන් තමන්ට හිරිහැරයක් නොමැති බව වටහාගත් මුවා උයනෙහි වැඩි වේලාවක් රැඳී සිටීමට පුරුදු උනා. දිනක් මල් හා පළතුරු රැගෙන මාළිගාවට ගිය උයන්පල්ලා රජු මුණ ගැසුනා. දිනක් මල් හා පළතුරු රැගෙන මාලිගයට ගිය උයන්පල්ලා රජු මුණ ගැසුනා. “උද්‍යාන පාලක කෙසේද රාජකීය උද්‍යානයේ කටයුතු?” රජු විමසුවා. “සියල්ල යහපත් රජතුමනි, ඉතා අලංකාර රන්වන් පැහැති මුවෙකු නිතරම උයනට පැමිණෙනවා, ස්වාමීනි”...

Read More