
පිරුණු හදක්
ජීවිතයේ අප මුහුණ දෙන සමහර කුඩා සිදුවීම් සරළ සහ නොවැදගත් ලෙස හැඟෙන මුත්, විටෙක ඒවා අපේ හදවත් ප්‍රීතියෙන් පුරවා ලයි. තවත් විටෙක ඒවා ජීවිතය පිළිබඳ අපේ මුළු මහත් දැක්මම වෙනස් කිරීමට තරම් ප්‍රබල වෙයි. මෑතකදී මාද මීට සමාන අත්දැකීමකට මුහුණ දුන්නෙමි. මගේ මතකය නිවැරදි නම් ඒ මීට ටික කලකට පෙර පුද්ගලික බස් රථ වර්ජනයක් පැවති දිනයකි. නිරන්තරයෙන් බස් රථ වල ගමන් බිමන් යන මාද මේ වර්ජනයෙන් පීඩාවට පත් වූවන් අතර විය. විශ්ව විද්‍යාලයේ අනිවාර්යයෙන් සහභාගි වියයුතු අධ්‍යයන වැඩමුලුළුවක් පැවති එදින මට ඉතා වැදගත් දිනයක් විය. අවාසනාවට එදින අපේ පවුලේ පුද්ගලික මෝටර් රථයද අලුත්වැඩියාවක් සඳහා ගරාජය වෙත ගෙනගොස් තිබිණ. කුලී...
Read More