
නොකියපු කතාවක්..
“දෙවැනි වේදිකාවේ තිබෙන පොඩි මැණිකේ දුම් රිය පෙරවරු 5.55ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ” කොටුවේ ස්ටේසමේ යකඩ කටින් කියද්දිත් තාම මං හිටියේ ස්ටේසමේ ටිකට් ගන්න තැන. පොල්ගහවෙලින් බැස්සත් පොඩි මැණිකෙට ගොඩ වුණොත් ඉක්මනටම ගෙදරට යා ගන්න පුළුවනි. දනි පනි ගාලා ටිකට් එකත් අරං කෝච්චියට ගොඩ වෙද්දි සීට් ගානට සෙනඟ පිරිලා. හැබැයි එක තැනක පොඩි ඉඩක් හොයා ගන්න පුළුවන් වුණා. කෝච්චිය ලඟට පොඩි පහේ කරත්ත වලින් ගේන නෙස්කැෆේ එකකුත් අරං මගෙ කන් කූරු දෙකත් ගහගෙන මං හරි බරි ගැහුණා. තව මිනිත්තු පහක් හයක් යද්දි කෝච්චිය තමන්ගේ ගමන පටන් ගත්තා, “රියදුරු දෑතට දෙවි පිහිටයි”!. හැමදාම වගේ කොටුවේ ඉඳං කෝච්චිය පටන්...
Read More