Author: මධූ සෙනරත්

පිට කසපිය – ගිනි පිඹපිය

ජන කතාවක් ඇසුරෙනි. පොඩි ගමරාළත් මහ ගමරාළත් අයියා මලෝ. මේ අයියා මලෝ පෙනුමෙන් සෑහෙන දුරට එක වගේ. එක අඹුවක් එක්ක දීගෙක ගිහින් හිටපු මේ දෙන්නා බොහොම සමඟියි. ඉහ නිකට පැහුන වයසට ඇවිල්ලත් දෙන්නගෙ නෑ වචනෙකින් වත් හිත් නොහොඳ නොමනාපයක් වෙලා කවදාවත්. මහ ගමයා කටකාරයි, හැබැයි ගොඩක් කටකාර මිනිස්සු වගේම ඔහුත් කරන්නෙ කටින් බතල කොළ සිටුවීම පමණයි. පිටට පෙන්වන්නෙ නම් ගණංකාරයා වගේ, කියන තරමක් කියන්නෙ ඔහු කරපු අදහගන්නත් බැරි තරම් පුදුම වීර වැඩ ගැන, නමුත් ඒ සියල්ලම හරියට අඩු කළේ වතුර සද්දෙ වගේ තමයි. පොඩි ගමයා ඒකෙ අනික් පැත්ත. ඔහු හරිම නිශ්ශබ්දයි. නමුත් හරි දහිරියවන්තයි. සද්ද බද්ද නැතිව වැඩ. සේරම...

Read More