
යකඩ පිහාටු
පුංචි කුරුළු ජෝඩුව කූඩුව හදන්න පටන් ගත්ත දවසෙ ඉදන්ම එ් දෙන්නට හරි අපලයි. මුලින් වැස්ස. ඊළඟට කාෂ්ටක අව්ව. එ් ඔක්කෝම මැද අපේ බළල් නෝනගෙන් එල්ලවෙන තර්ජන. කොහොමහරි කුරුළු කූඩුවේ වැඩ ඉක්මනට ඉවර වුනා. මට අායෙම කූඩුව මතක්වුනේ හීන් කිචිබිචියක් නිතර නිතර අහන්න ලැබුණම. කුරුළු පැටව්! මට කූඩුව අමතකවුනාට, බැළලිට නම් හොඳට මතක තිබිලා. මහා විලාපයක් ඇහෙන්න ගත්තෙ ඊට ටික දවසකට පස්සෙ. එළියට දුවල බැලින්නම් මෙන්න එවරස්ට් නගිනව වගේ සීරු මාරුවට බැළලි පේර ගහ දිගේ උඩට ගාටනව. ‘මේක මගේ උපන් හැටි’ කියල විරෝදය පෑවත් එදා දවසට හතර පාරක් ම බැළලි එලවලා මම කූඩුව බේරගත්තා. නිකමට දවසක් එබිල බැලින්නම් අැතුලේ පුංචි...
Read More