Author: හසිතා අධිකාරිආරච්චි

බ්‍රයන් ඇඩම්ස්

කුඩා අවදියේදී මාගේ ආකර්ශණය දිනා ගත් සුප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විය. එක් අයෙකු වූයේ Robin of Sherwood බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවේ රොබින් හුඩ් චරිතයට පණ පෙවූ ‘මයිකල් ප්‍රෙඩ්’ය. අනෙක් තැනැත්තා වූයේ ලෝක ප්‍රකට ගායන ශිල්පී ‘බ්‍රයන් ඇඩම්ස්’ය. ඔහුගේ හඬ සහ කඩවසම්බව හේතුවෙන් මම ඔහු ඉතා ප්‍රිය කළෙමි. බ්‍රයන් ඇඩම්ස් යනු අදටද මා ප්‍රිය කරන ගායකයන් අතරින් එක් අයෙකි. මෑතකදී බොලිවුඩ් පුවත් වෙබ් අඩවියක සැරිසරමින් සිටියදී දුටු සිරස්තලයක් වහා මගේ නෙත් ඇදගත්තේය; “Guess වෙළඳ නාමය වෙනුවෙන් බ්‍රයන් ඇඩම්ස් විසින් රූමත් ප්‍රියංකා චොපරා රංගන ශිල්පිනිය ඡායාරූප ගත කරයි.” බ්‍රයන් ඇඩම්ස්? මම පුදුමයට පත් වුනෙමි. “නෑ.. මේ ඔහු නම් විය නොහැකියි”, ඒ මාගේ...

Read More

සාර්ථකත්වයේ රහස

ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද? මගේ සාර්ථකත්වයේ රහස? මම එය ඔබට කියන්නම් සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම හිස් වූ හදවතක් ඇත ඔවුන් අසාර්ථක වීමෙන් හෙම්බත් වූවන්ය අද උපන් බිලිඳෙකුගේ මෙන් උණුසුම් හදවතක් ඔවුන් සතු විය එහි උණුසුම ඔවුන් බොහෝ දුර රැගෙන විත් තිබුණි නමුත් තව කොතරම් දුරක් යන්නද? උණුසුම් හදවතක් තනිව කොපමණ දුර යන්නද? ඔවුන් උණුසුම් හදවත් නැත්තෝ විය ඔවුන් එහි උණුසුම යක්ෂයා සමඟ හුවමාරු කළ බැවිනි සාර්ථකත්වය හිමි විය, හිස් වූ හදවතක් ලැබිණ මාද උණුසුම් හදවතක් ඇත්තෙක් වුනෙමි අසාර්ථකත්වයෙන් හෙම්බත් වුනෙමි යක්ෂයා සමඟ ගනුදෙනු කළෙමි නපුරුකම්, හිතුවක්කාරකම් වලින් පටන් අරන් තක්කඩිකම්, ජඩකම් ඊළගට හොරකම්, මැරකම් දිගටම මාද තවත් සාර්ථක මිනිසෙක් එතකොට...

Read More