
නො-නිමි සෙනෙහස – 2 පිටුව

2 පිටුව
අලුතින් පටන් ගත්තු යලුකමත් එක්ක ශනුකි පොඩ්ඩක් යලුවන්ගෙ අවදනයට යොමු උනා, එ ශනුකිත් හසිදු ගෙත් කැපිපෙන්න විශෙශ යාලුකමක් දැකපු නිසා.ටික දවසක් ගතවෙලා ගියත් , එකම විශ්වවිද්‍යාල භුමියක හිටියත් මෙ දෙන්නා දැකලවත් , මුනගැහිලවත් තිබ්බෙ නැ.අලුත් අවුරුදු කාලෙත් කැමබිම හුවමරු උනෙ යාලුවන් අතේ.මාස 2-3 ගෙවීලා ගිහින් දෙනාට මුන ගැහෙන්න පුලුවන් දවසක් ආවා, එ විශ්ව විද්‍යල උත්සව දවසක්,වෙනද වගෙ වැඩි රෑකවල් තිබෙත් නැ.ශනුකි,සමගී,නිතුකි ඔන්න ඉතින් හසින්දුව මුනගැහුනා.එ තමා පලමු හමුවීම.
ශනුකි,හසිදු,නිතුකි,සමගී එකම වයසෙ අය උන නිසා.හතර දෙනම හොද යලුවො උනා. එත් හසිදු ගෙ ශනුකිගෙයි විශෙශ යලුකමක් සමගි,නිතුකි දෙනට දැනෙන්න ගත්තා.එයලා හසිදු ගැන කියලා ශනුකිට විහිලු කරනත් ගත්තා.
එක සති අන්තයක ශනුකි,සමගි නිතුකිලගෙ ගෙදර යන්න කත කරගතා,ඉතින් නිතුකි හසිදුට අවස්තාවක් දෙන්න හිතාගෙන,ශනුකිට කතා කලා..
” ශනු..අපි හසිදු වත් එක්කන් අපෙ දිහා යමු…?”
“පිස්සුද ඔයට නිතු..අපි තුන්දෙනා එක්ක එය එවි ඇයි?අනික සමගි කැමති වෙන එකකුත් නැ.”
“මම සමගිගෙන් අහලා තාමා ඔයාට කිවෙ…ඔයාට තියෙන්නෙ ඔයගෙ හසිගෙන් අහන්න විතරයි…”
නිතුකි විහිලුවෙන්ම යොජනාව ඉදිරිපත් කලා.ඉතින් කොමහරි ශනුකි,සමගි,හසිදු ඉරිදා දවසෙ නුවර යන්න ලැස්ති උනා,නිතුකි සිකුරදා හවසම ගෙදර ගියෙ,ඉරිදට නුවර මාලිගාව වදින්නත් වෙලාවක් දාගෙනමයි.
ඉරිද දවස හසිදුටත් නිවාඩු දවසක් උනා.තුන්දෙනාම උදේම කොටුව දූම්රිය පලදි එකතුවෙලා නුවර යන්න පිටත් වුනා. මෙ ගමන ශනුකි එක්ක තනියම යන්න තමා හසිදු වැඩි කැමැත්තක් තිබ්බෙ..එත් එක වෙන්නෙහ් නැති දෙයක් නිසා,හසිදු හිත හදාගෙනමයි හිටියෙ.ඉතින් තුන්දෙනාම ආගිය තොරතුරු…කතා කරගෙන විහිලු කරගෙන හිටපු නිසා දන්නෙම නැතුව නුවරටම අවා.කලින් කතා කරගත් විදිහටම නිතුකි ගෙදර කාර් එකෙන් නුවර දුම්රියපලට අවිත් හිටියෙ, පේරාදෙනිය පැත්තෙත් ගිහින් එන්න හිතගෙනම අම්මට කියලා උදෙට කන්න කැම ටිකක් හදාගෙනමයි.
“කොහොමද ඔෆ්ෆිසර් කොල්ලො ගමන?”
නිතුකි හසිදු ට විහිලුවක් කලෙ..හසිදු ගෙ හිතෙ තියෙන අදහස දන්න නිසමයි.
“ඇයි කුමාරිහාමි හිතුවද,අපි නුවර ඇවිල්ලා නැ කියලා?” සමගි නිතුකිට පිලිතුරු දෙන ගමන්ම .ඉස්සරහ අසුනෙන් ඉදගත්තා…
හසිදුත් ,ශනුකිත් පිටුපස අසුන් ගත්තෙ…කන්න මොනාද තියෙන්නෙ කියලා අහන ගමන්මයි.
වැව රවුමෙදි හසිදුගෙ දුරකතනයට ආපු ඇමතුමත් ,පිලිතුරු දිමට හසිදු තමන්ව මග ඇරපු නිසත් ශනුකි ටිකක් සැක පහල කලා..ශනුකිටත් නොදැනිම ශනුකි හිතෙන් දුක් උනා…ඉතින් තුන්දෙනා එක්කම දලදා වැදලා , පේරාදෙනිය පැත්තෙත් ඇවිදලා ,දවල් කැමට නිතුකිල ගෙ ගෙදර යන්න ගමනෙ…ශනුකි හසිදුට විහිලු කරන්න ගත්තා..
“මෙ..නිතුකි,,නැද්ද ඔයගෙ නංගි කෙනෙක්..අපෙ මෙ හසිට කතාකරලා දෙන්න..එයා නුවර කුමාරිලට හරි කැමති….මන් දැක්කා මාලිගාවෙදි ඇහැ එහාමෙහා යනවා.. ”
“අනෙ මෙ මොඩි…මට ඔන්නෙති කුමාරි හාමි කෙනෙක් නැ…අපෙ අම්මා මට නොනා කෙනෙක් හොයයි”
සමගිත් ,නිතුකිත් හිනවෙන ගමන් ශනුකිට විහිලු කලේ,ශනුකි හසිදු දිහාද බලන් හිට්යෙ ….දලදා වදින් නැතුව..කියලා.
ඉතින් එ ඉරිදා දවස නුවර ගතකරලා අයෙම හවස කොච්චියෙන් කොලඹ ආවා.එ දවස හසිදුට ඔනෙ කරපුම දෙයක්..එ ශනුකිව තව ටිකක් අදුන ගන්න.
එ දවසට පස්සෙ..මොකක් ද වෙන්නෙ?
අනෙක් දවසෙ …තවත් අලුත් පිටුවකින් හමුවෙමු …….
~ශනු~
පසුගිය පිටු මෙතැනින් කියවන්න: