සාර්ථකත්වයේ රහස

සාර්ථකත්වයේ රහස

ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද?

මගේ සාර්ථකත්වයේ රහස?
මම එය ඔබට කියන්නම්

සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම හිස් වූ හදවතක් ඇත
ඔවුන් අසාර්ථක වීමෙන් හෙම්බත් වූවන්ය
අද උපන් බිලිඳෙකුගේ මෙන් උණුසුම් හදවතක් ඔවුන් සතු විය
එහි උණුසුම ඔවුන් බොහෝ දුර රැගෙන විත් තිබුණි
නමුත් තව කොතරම් දුරක් යන්නද?
උණුසුම් හදවතක් තනිව කොපමණ දුර යන්නද?

ඔවුන් උණුසුම් හදවත් නැත්තෝ විය
ඔවුන් එහි උණුසුම යක්ෂයා සමඟ හුවමාරු කළ බැවිනි
සාර්ථකත්වය හිමි විය, හිස් වූ හදවතක් ලැබිණ

මාද උණුසුම් හදවතක් ඇත්තෙක් වුනෙමි
අසාර්ථකත්වයෙන් හෙම්බත් වුනෙමි
යක්ෂයා සමඟ ගනුදෙනු කළෙමි

නපුරුකම්, හිතුවක්කාරකම් වලින් පටන් අරන්
තක්කඩිකම්, ජඩකම් ඊළගට

හොරකම්, මැරකම් දිගටම

මාද තවත් සාර්ථක මිනිසෙක් එතකොට

නමුත් මා හදවත හිස් විය
මා ලොව සීතල විය
ලබැඳියන් මා හැර ගියෝය
ලොකයා මා වටකර ප්රීති සාද පැවැත් වූවෝය

ආශාවට අවසනක් නැති විය
නැවත උණුසුම අවැසි විය
එය සොයමින් සැම තැන ගියෙමි
ලොකයාගෙන් එය සෙවීමි

තවම එය හමු නොවිණි
මා යක්ෂයාගේ උගුලට හසුවී ඇති බව දැනගතිමි
නැවත හැරීමට ප්රමාද වීමි
මේ මග දිගටම යමි
දොරටුවක් හමුවන තුරා

මගේ සාර්ථකත්වයේ රහස කුමක්ද?
ඔබ දැන් එය දන්නා නමුත්
මා ගිය මග නොයන්න

About The Author

හසිතා අධිකාරිආරච්චි

හසිතා අධිකාරිආරච්චි, 2017 දී ඔස්ට්‍රේලියාවේ (NSW) බහු-භාශා කවි තරඟය ජයග්‍රහණය කළාය. පාසැල් වියෙදී ඇය කියවූ 'රන් රෝස' නමැති කෘතිය නිසා ලේඛිකාවක් වීමේ බලාපොරොත්තුවක් ඇතිව, විවිධ ලේඛන වැඩමුළු වලට සහභගි වී තම හැකියාව වැඩි දියුණු කරගන්නට උත්සාහ කළාය. කුඩා කල සිටම සාහිත්‍ය නිර්මාණයට ප්‍රිය කළ ඇය 2013 දී තම නිර්මාණ එළි දැක් වීමට මෙම වෙබ් අඩවිය ආරම්භ කළාය. සිඩ්නි නුවර දකුණු ආසියානු කලා , සිනමා හා සාහිත්‍ය උළෙල SAFALහි ඇය, ශ්‍රි ලංකාව වෙනුවෙන් සහභාගි වූ ලේඛකයන් කිහිපදෙනා අතරින් එක් අයෙකි.

Leave a reply

Your email address will not be published. Required fields are marked *