ලේඛක පිරිස

හසිතා අධිකාරිආරච්චි

හසිතා අධිකාරිආරච්චි

හසිතා අධිකාරිආරච්චි, 2017 දී ඔස්ට්‍රේලියාවේ (NSW) බහු-භාශා කවි තරඟය ජයග්‍රහණය කළාය. පාසැල් වියෙදී ඇය කියවූ ‘රන් රෝස’ නමැති කෘතිය නිසා ලේඛිකාවක් වීමේ බලාපොරොත්තුවක් ඇතිව, විවිධ ලේඛන වැඩමුළු වලට සහභගි වී තම හැකියාව වැඩි දියුණු කරගන්නට උත්සාහ කළාය. කුඩා කල සිටම සාහිත්‍ය නිර්මාණයට ප්‍රිය කළ ඇය 2013 දී තම නිර්මාණ එළි දැක් වීමට මෙම වෙබ් අඩවිය ආරම්භ කළාය. සිඩ්නි නුවර දකුණු ආසියානු කලා , සිනමා හා සාහිත්‍ය උළෙල SAFALහි ඇය, ශ්‍රි ලංකාව වෙනුවෙන් සහභාගි වූ ලේඛකයන් කිහිපදෙනා අතරින් එක් අයෙකි.

තලතා විජේරත්න

තලතා විජේරත්න

තලතා විජේරත්න මහත්මිය සිංහල ළමා කතා පොත් දෙකක කතුවරිය වේ. ඇය Queen of Sea සිංහල තුළින්, සෑම පුන් පොහොය දිනකම ඔබ වෙත බොදු කතාවක් රැගෙන එනවා. වසර විස්සකටත් වැඩි ඇගේ ගුරු සේවය නිසාම දරුවන් වෙනුවෙන් ගුණත්මක කතන්දර ලිවීමට වැඩි කැමැත්තක් දක්වනවා.

මිලානි බුද්ධිකා

මිලානි බුද්ධිකා

ඇය මන්දාකිණියේ හමුවෙන පුංචි දූවිලි පොදක්..

K. A. සඳුනිකා හසන්ගනී

K. A. සඳුනිකා හසන්ගනී

සඳුනිකා හසන්ගනී මේ දිනවල ජපානයේ සිට සමාජ විද්‍යාව පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරමින් සිටින්නීය. කියවීම සහ ලිවීම ඇගේ ප්‍රියතම විනෝදාංශ වේ. ලේඛන කලාවෙන් ආත්ම තෘප්තියක් ලබා ගන්නා ඇය විනොදයට ඡායාරූප කලාවේද (වන ජීවි ඡායාරූපකරණය ), චිත්‍ර කලාවේද, සුන්දර ස්ථාන සොයා සංචාරය කිරීමේද යෙදෙන්නීය.

මධූ සෙනරත්

මධූ සෙනරත්

තම ප්‍රියතම ලේඛකයින් අනුගමනය කරමින් ඇය, කවි සහ කතන්දර ලිවීමට කුඩා කලදීම නැඹුරු වූවාය. දැන් අගේ විවේක කාලය ගතවන්නේ පොත් කියවීමට සහ ලිවීමටය. ලිවීම මානසික සුවයක් සලසන බවත්, තම අදහස් ප්‍රකාශ කිරීමට කදිම අවස්ථාවක් ලබාදෙන බවත් ඇය විශ්වාස කරන්නීය.